Thursday, August 19, 2010

නුඹ ආයෙමත් ඇවිදින්...ගීයක වරුණ

Posted by Sudara Muthuhetti [ සුදාර මුතුහෙට්ටි ] | Thursday, August 19, 2010 | Category: | 0 අදහස්

“උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්”

මේ පහුගිය දා ගුවන්විදුලියේ යන්තමට ඇහුණ සින්දුවක් පස්සෙ හොයාගෙන ඩවුන්ලෝඩ් කරගත්ත. අහපු ගමන්ම හිතට අමුත්තක් දැනුණ නිසා ටිකක් හොයලා බැලුවා.

මේක අපි ගොඩක් දෙනෙකුගේ පොදු අත්දැකීමක්, ලස්සන පද වැලකට ගොණු කරගත්ත.අපේ ජීවිත වල වැඩිපුරම තියෙන්නෙ කියාගන්න බැරි වුණ ආදර කතානේ. මොකක් හරි අහේතුවකට අපිට ශක්තියක් නැහැ ඒක අපි ආදරය කරන කෙනාට කියන්න. මේ ගීතයත් ඒ වගේ ගොළු ආදරයක හිරවෙලා හිත හදාගන්න දඟලන තරුණයෙකුගේ කතාවක්.

තමන්ට අත පොවාගන්න බැරිතරම් දුරකින් ඉන්න තරුණියකට පෙම් බැන්දාට ඔහු දන්නවා මේක දිනාගන්න බැරි ආදරයක් බව. ඒත් තමන්ගේ ආදරය අමතක කර හිත හදාගන්න ඉඩ නොදී මේ තරුණිය ඔහුගේ නෙත් මානයට නැවතත් එනවා. මේ ප්රේමය නිමා කරන්නට යෙදෙන තම මානසික අරගලය පරාජය වන තරුණයාගේ සිත්ට නැගෙන සිතිවිලි තමයි මේ ගීතයට පාදක වෙන්නේ.

ධම්මික බංඩාරගේ පද වැලක්, ඩැනිස්ටර් පෙරේරාගේ සංගීතයෙන් ඔප මට්ටම් වී අමරසිරි පීරිස් නම් ගායකයාගේ ගැඹුරු හඬින් තමයි මෙය අප සවන් අතරට ගීතයක් ලෙසින් එන්නේ.

ගීතයක් බොහෝ විට අප සිත ගැඹුරක නවතින්නේ අපේ කුමක් හෝ පුද්ගලික අත්දැකීමක් එක්ක මුසුවෙලා. මේ ගීය එවන් පොදු අත්දැකීමක් බොහෝ සංයමයකින් රචනා වී තිබීම නිසාම පද වැල කියවීම තුලම කිසියම් බැඳීමක් අප සිත් හා ඇතිකර ගන්නවා.

“ ඔබ ආයෙමත් ඇවිදින්
ඔබ ආයෙමත් ඇවිදින්
සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

උන්නු දා පෙර අත පොවන්නට බැරි දුරින්
නින්ද මට නැති දවස් තිබුනද කොයි තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - සිත හදා ගත්තා විතරමයි
නුඹ ආයෙමත් ඇවිදින්

දෑස අග මල් පිපී සැලුනද කොයි තරම්
එක මලක් වත් සුවඳ නැති විය ඔබ තරම්
නුඹ නොදැක සිටි දිගු කාලයේ - නෙත කඳුළු මැකුනා විතරමයි
ඔබ ආයෙමත් ඇවිදින්”

කියා ගන්න බැරි ආදරයක මතක අළුත් කරගෙන තනියෙන්ම සති ගානක් අහන්න පුළුවන් ගීයක රස විඳගන්න කැමති නම් මේ ගීතය ඩවුන්ලෝඩ් කරගෙන අහන්න.

Monday, August 24, 2009

නිර්මාණශීලී වෙළඳ දැන්වීම්...

Posted by Sudara Muthuhetti [ සුදාර මුතුහෙට්ටි ] | Monday, August 24, 2009 | Category: | 0 අදහස්

මේ පහුගිය දවස්වල මට අන්තර්ජාලය තුලම මම දැක්ක ලස්සන වෙළඳ දැන්වීම් කිහිපයක්. ඒත් ඒ දැන්වීම් වල අමුතු නිර්මාණශීලී බවක් තිබුනා. පිංතූරය ලොකු කරන්න ඒ මත ක්ලික්(Click) කරන්න.

1. බේගෝන් කෘමිනාශක දැන්වීමක්. කෘමි සත්තු ගැන ඉතින් කතා කරන වෙලාවට බලවත්ම සතා බැලුවම ස්පයිඩර් මෑන් තමයිනේ. බේගෝන් වලින් නම් ඌටත් බේරුමක් නෑ වගෙයි.අනිත් මකුළුවන්ට වෙන දේ ගැන කියන්න දෙයක් නෑනේ.


2. මේක නිකෝන් කැමරාවල තියන මුහුණු හඳුනාගැනීමේ(Face Detection) තියුණු බව තමයි පෙන්නන්නේ.

3. කරාටේ පන්තියක පිටවෙන්න තියෙන දොරටුව කොහොමද?


4. මිනිස්සුන්ව ලේ දන්දෙන්න පොලොඹවන ලස්සන දැන්වීමක්.

5. වැරදි රස්සාව කරන්න උනාම වෙන දේ පේනවගෙ. ජොබ් ස්යිට් එකක ඇඩ් එකක්.

අලුත් බ්ලොග් එකක් මට මොකටද?

Posted by Sudara Muthuhetti [ සුදාර මුතුහෙට්ටි ] | | Category: | 0 අදහස්

දෙවැනි බ්ලොග් එකක අවශ්‍යතාවයක් මට නම් ඇත්තටම තිබුනේ නැහැ. ඒත් සමහර රස විඳින, හිතට එන, අනිත් අයත් එක්ක බෙදා ගන්න ඕනෙයි කියල හිතෙන දේවල් තියනවා කවි පද වලට අමුණන්න බැරි. ඒ වගේ දේවල් වලට තමයි මම 'සිතිවිලි' බ්ලොග් එක පටන් ගත්තෙ.

පරිගණක වලට හිර වුණ මිනිස්සුන්ටත් තියනවා සමාජයත් එක්ක බෙදාගන්න දේවල්. ඒ සන්නිවේදනය නැති වුනාම සමහර සන්වේදී මිනුස්සු ලොකු පීඩනයකට පත් වෙනවා. බ්ලොග්කරනය වගේ දෙයක් තියෙන එක ඒ වගේ මිනිස්සුන්ට මාර සහනයක්.